වඳුරඹ, ඌරල බෝවිටියමුල්ල ඇලේ පාවෙමින් තිබු පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (25) දහවල් සොයාගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා වඳුරඹ ඌරල පදිංචි 52 හැවිරිදි අය බවට හඳුනාගෙන ඇත.
මළ සිරුර ඇලේ පාවෙමින් තිබෙනුදුටු ප්‍රදේශවාසින් පොලිසිය දැනුවත් කිරිමෙන් පසු පොලිසිය පැමිණ මළ සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදි.
වඳුරඹ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.