තරුණයෙකු හබරාදුවේදී රුහුණට බිලි

හබරාදුව මාගල්තොට දුම්රිය හරස් මාර්ගය අසල දි මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියට පැන තරුණයෙකු මියගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බැඳිපිට අඟුළුගහ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

මෘතදේහය කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply