12 හැවිරිදි දියණියට වූ කරදරය ඇසූ මවුපියෝ දිවි නසාගන්න හදලා

වයස අවුරුදු 12යි මාස 8ක ගැහැනු දරුවෙක් දුෂණය කළ බවට සැක තරුණයෙක් පොලිසිය විසින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගැහැනු දරුවා පාලනය කරගැනීමට නොහැකි බව පවසමින් ඇයගේ දෙමාපියන් විසින් වැලිමඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අදාළ ගැහැනු දරුවා පරිවාස භාරයට පත්කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

එසේ තිබිය දී දැරියගේ පියා විසින් පරිවාසයෙන් ලබාගත් නියෝගයක් මත නැවත වතාවක් ඇයව නිවස වෙත රැගෙන විත් තිබු බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

එසේ තිබිය දී අදාළ දැරිය ජූනි මස 11 වනදා වැලිමඩ නගරයේ සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය විසින් ඇයව පොලීසිය වෙත රැගෙන විත් දෙමාපියන්ට භාර දී තිබේ.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී පොලීසියට ඇතිවු සැකයක් මත දැරියව වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී දැරිය දූෂණයට ලක්ව ඇතැයි තහවුරු වී ඇත.

එසේ තිබිය දී ජූනි 18 වනදා නැවත වතාවක් දැරිය නගරයේ සිටින බවට ලද තොරතුරක් මත නිලධාරින් විසින් ඇයව පොලීසිය වෙත රැගෙන විත් තිබේ.

ඒ අනුව දෙමාපියන්ට කළ දැනුම්දීමකින් පසුව ඔවුන් පොලීසිය වෙත පැමිණි එහි තිබු අතර එය දරාගැනීමට නොහැකිව මව සහ පියා පොලිසිය තුළ වු පොදු වැසිකිළියක දී වස පානය කර ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔවුන්ව කඩිනමින් රෝහල්ගත කළ බව ද පැවසීය.

කෙසේවෙතත් ප්‍රතිකාර ගනිමින් සිටි දැරියගේ පියා ප්‍රතිකාර අවසන්වීමට පෙර රෝහලෙන් පැනගොස් ඇති අතර, මව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

පරිවාස භාරයට පත්කළ දැරියව දෙමාපියන් නිවසට රැගෙන ගියද ඔවුන්ට නිසිලෙස ඇයව රැකබලාගැනීමට නොහැකි වීම බරපතළ තත්ත්වයක් බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දැරිය දුෂණය කළ බවට සැක 28 හැවිරිදි වැලිමඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයාව ජුලි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දරුවන් සිටින දෙමව්පියන්ට දැනුම් දිමක්ද කලේය

“මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ඒ දරුවා සිටින දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ට අකීකරු දරුවන් සිටින්නට පුළුවන්. එවැනි අවස්ථාවල දරුවන්ව පරිවාසයට යොමු කළ විට දරුවාගේ ආරක්ෂාව එම ස්ථානයේ යම් කාලයකට රැකෙනවා. එවැනි ස්ථානවලට ගිහින් නැවත මේ වගේ කැඳවාගෙන ආවම තමන්ට පාලනය කරන්න බැරි දරුවාව මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණදෙනවා. ඒ නිසා යම්කිසි සහනයක් ලබාගන්න තමන්ට ආයතනයක් තියෙනවා නම් දරුවන් සම්බන්ධයෙන් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. නැත්නම් මේ දරුවන් අනවශ්‍ය ආකාරයට සමාජයේ වින්දිතයින් බවට පත්වෙනවා. අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ඔබේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව අවශ්‍ය අවධානය, සැලකිල්ල යොමුකරන්න.

Werzuo Digital

Leave a Reply