වන අලි ප්‍රහාරවලින් තිදෙනකු මරුට

වන අලි පහරදීම් වලින් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.

නොච්චියාගම පොලිස් බල ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක නිලධාරියකු ඊයේ (19) පාපැදියෙන් ගමන් කරමින් සිටියදී කබල්ලෑපීනු වැව ඉස්මත්තේදී වන අලි ප්‍රහාරයකට ලක්ව තිබේ.

ගෝනගංආර ප්‍රදේශයේ ගව පාලනයේ නිරත ව සිටි හැට තුන් හැවිරිදි පුද්ගලයෙකු කරමැට්ට ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බව වාර්තා වෙනවා.

නාන්නේරිය පොලිස් බල ප්‍රදේශයේ දී ගොවිතැන් කටයුතුවල නිරතව සිටි 58 හැවිරිදි කාන්තාවක් වන අලි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Werzuo Digital

Leave a Reply