ගාල්ල නගරයේ මෝඩ ඇල ආශ්‍රිතව ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව ගණනය කරන ශ්‍රි ලංකාවේ පලමු වරට AI තාක්ෂණයෙන් යුත් CCTV කැමරාව (16) සිකුරාදා විවෘත කරනු ලැබුවා
පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවත්වින.
මෙය ශ්‍රි ලංකාවෙ පලමු වරට එවැනි තාක්ෂණයක් භාවිතයෙන් අපද්‍යව්‍ය ගණනය කෙරෙන අවස්ථාවක් බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙම කැමරා පද්ධතියේ විශේෂත්වය වන්නේ එම ඇල හරහා මුහුදට යන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මහජනතාවටද නිරික්ෂණය කිරිමට හැකිවිමයි.
ඒ සදහා www.plitter.org වෙබ් අඩවියට පිවිසිමෙන් එම තොරතුරු ජනතාවට බලාගත හැකිය.
ඒ අනුව දිනකදි එම ඇල හරහා ගමන් ගන්නා ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය ප්‍රමාණය ගණන් කරන අතර එමගින් මුහුදට යන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය පිළිබඳව දැනුමක් ලබාගෙන ඉදිරියේ එය දිප ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිතය.
මෙම ගණනය කිරිම සදහා ගාල්ල විද්‍යලෝක විද්‍යාලයේ සිසුන්ගේ සහාය ලබා ගැනිමට නියමිතය