මහනුවර සිට අම්පිටිය බලා ධාවනය වූ බසයක් තුළදී උපායශීලීව කාන්තාවකගේ රන් මාලයක් ගලවාගත් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නව යොවුන් වියේ තරුණියන් සිවුදෙනෙකු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (18) නියෝග කර තිබේ.
මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ පුත්තලම, ත්‍රිකුණාමලය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචි තරුණයන් හතර දෙනෙකි.
මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය මගින් අද මෙම තරුණියන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ
එම තරුණියන් සිව්දෙනා මහනුවර සිට අම්පිටිය බලා ධාවනය වන බස් රථයකට නැග රතු බෝක්කුව හන්දිය ප්‍රදේශයට පැමිණෙන විට එහි ගමන් ගත් කාන්තාවක තම ගෙල බැඳි රන් මාලය නොමැති බව දැන ගැනීමෙන් පසු බස් රථයේ සිටි මගීන් ඒ බව දැනුම්දීමත් සමග බස් රථයේ සිටි කිසිවකුටත් පිටවීමට ඉඩ නොතබා පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් බස් රථයේ සිටි සැකකටයුතු පුද්ගලයන් පරික්ෂා කිරීමේදී එහි සිටි තරුණියකගෙ තිසර පටය තුළ සඟවාගෙන සිටි රන්මාලය හමුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ සිටි අවුරුදු 18-22 වයසේ තරුණියන් සිවුදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තරුණියන් තිදෙනෙකු කුඩ සහ අත් බෑග්වලින් ආවරණය කරගෙන සිටියදී එක් අයෙක් රන් මාලයේ ගාංචුවෙන් එය ගලවා ගත් බවයි.