තංගල්ල – නෙටොල්පිටිය ප්‍රදේශයේ නිවසක කොන්ක්‍රීට් කණුවක බැඳ තිබූ ඔන්චිල්ලාවක් පැදීමට ගිය දැරියක් එම කණුව කඩාවැටීමෙන් මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
09 හැවිරිදි දැරියක් මෙලෙස මියගොස් ඇති අතර, ඇයගේ පියාද එම අවස්ථාවේදී කණුවට යටවී තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.
දැරියගේ පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරුකර යැවූ බව පොලිසිය පවසයි.