වැසි පිළිබඳව විශේෂ කාලගුණ නිවේදනයක්

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 36 තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යයම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උතුරු මැද පළාතේත් වැසි ස්වල්පයක් ඇති හැකි අතර ඌව පළාත, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලදී ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇති විය හැකි බව සඳහන්ය.

Werzuo Digital

Leave a Reply