හක්කපටස් ආහාරයට ගත් අලි පැටවෙක් මරුට

කන්තලේ වාන් ඇල විහාරගල චුන්නක්කාඩු රක්ෂිතයට අයත් හැලඹ වැවේ වැව් ඉස්මත්තේ අවුරුදු 04ක් පමණ වයසැති අලි පැටවකු හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මියගොස් ඇති බව වනජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ කන්තලේ වනජීවී අඩවි කාර්‍යාලය පවසයි.

මෙලෙස මියගොස් ඇති අලි පැටවාගෙ උස අඩි 5ක් පමණ වන ගැහැණු සත්වයෙකි.

නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් චුන්නක්කාඩු රක්ෂිතය විනාශවීමේ තර්ජනයට ලක්ව ඇති අතර, දඩයක්කරුවන් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය කාලවකවානුව තුළ වන අලීන් විශාල ප්‍රමාණයක් චුන්නක්කාඩු රක්ෂිතය තුලදී මරණයට පත්ව ඇති බව වාර්තාවේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කන්තලේ වනජීවී අඩවි වන කාර්යාලය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු පවත්වයි.

Werzuo Digital

Leave a Reply