උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහයවීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතල තත්ත්වයකදී හැර එය වෙනස් කිරීමට නොහැකිවන අන්දමින් අදාළ නීති සකස්කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත
ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
එබැවින් 2048 දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.