ඉයර් ෆෝන් කනේ ගසාගෙන දුම්රිය මඟ හරහා ගමන්ගත් තරුණයා දුම්රියේ ගැටෙයි

බේරුවල පොලිස් වසමේ මරක්කලවත්ත ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා ජංගම දුරකතනයක ඉයර් ෆෝනයක් භාවිතා කරමින් ගමන් ගත් 20 හැවිරිදි තරුණයකු ඉකුත් 13 වැනිදා පස්වරුවේ දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.

තුවාල ලැබු මෙම තරුණයා සුවසැරිය ගිලන් රථයෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බේරුවල මල්ලබොක්ක ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව බේරුවල පොලිසිය පවසයි.

කොළඹ මරදානේ සිට බෙලිඅත්ත දක්වා ගමන් ගත් ශීඝ්‍රගාමි දුම්රියේ මෙම තරුණයා ගැටී තිබේ.

මෙම තරුණයා සිය පියා සමඟ බේරුවල නගරයට ත්‍රිරෝද රථයකින් පැමිණ බේරුවල නගරයේ සැලූනයකින් කොණ්ඩය කපා සිය මිත්තණිය පදිංචි බේරුවල මරක්කලවත්ත ප්‍රදේශයේ නිවෙසට දුම්රිය මාර්ගය හරහා පාගමනින් යමින් සිටියදී මෙසේ දුම්රියේ ගැටී අනතුරට ලක්ව ඇති බව විමර්ශනවලදි අනාවරණය වන බව බේරුවල පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply