අ.පො.ස විභාගයට පෙනි සිටිමෙන් පසු සංචාරයක් සඳහා පැමිණ හබරාදුව තල්පෙ කහවැන්නගම මුහුදු වෙරලේ දිය නාමින් සිටි සිසුවකු අද (10) සවස දියේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ දියේ ගිලි අතුරුහන්ව ඇත්තේ කුරුණෑගල නයිලිය පහලගම බොයගනේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.
මෙම සිසුවා ඇතුලු 41 දෙනකුගෙන් යුත් සිසුන් සහ මව්පිය කණ්ඩායමක් කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පංති පවත්වන ගුරුවරයකු සමග සංචාරයක් සඳහා ගාල්ලට පැමිණ ඇත.
එසේ පැමිණ අද සවස තල්පේ ප්‍රදේශයට පැමිණ මුහුදේ නාමින් සිටියදි මෙම සිසුවා දියේ ගිලි අතුරුදහන්ව ඇත.
නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් දිය් කර ඇතත් මේ වනතුරු සිරුර සොයා ගැනිමට නොහැකිවි ඇත.
අතුරුදහන් සිසුවා සොයා සෝදිසි මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.