ආහාරයට නුසුදුසු මුහුදු මාළු කෑ මඩකලපුවේ කාන්තාවක් ජීවිතක්ෂයට

ආහාරයට නුසුදුසු මුහුදු මාළු වර්ගයක් පිස අනුභව කිරීමෙන් මඩකලපුව මාංකාඩු ග්‍රාමයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිදෙනෙකු රෝහල්ගත කර ඇති බව එම ප්‍රදේශයේ ජනතාව පවසයි.

මෙම සිද්ධියෙන් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වු අතර, 50 හැවිරිදි කාන්තාවක්, 19 හැවිරිදි පිරිමියෙක් හා වයස 3ක පිරිමි දරුවකු රෝහල්ගත කර ඇත.

මෙයින් 50 හැවිරිදි කාන්තාව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කලුවන්චිකුඩි මූලික රෝහල් ආරංචි මාර්ග පවසයි.

ජීවිතක්ෂයට පත් කාන්තාව මාංකාඩු ග්‍රාමයේ දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර, ඇය බ්‍රහස්පතින්දා මාංකාඩු ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොස් සිටියදි ධීවරයින් දැලේ තිබු මාළුවන් විසිකර ඇති අතර, මේ අය එම මසුන් අහුලන විට කෑමට නුසුදුසු මාළු යයි ධීවරයින් පවසා ඇත. ඔවුන් එය ගණන් නොගෙන රැගෙන ගිය බවට එම ප්‍රදේශයේ ජනතාව පවසයි.

මෙම පවුලේ අය දිවා භෝජනය ගැනීමෙන් පසු කලන්තය හැදීමෙන් කලුවන්චිකුඩි රෝහලට රැගෙන ගොස් ඇත.

ආහාරයට නුසුදුසු මුහුදු මාළු වර්ගයක් පිස අනුභව කිරීම නිසා මෙම සිද්ධියට මුහුණ පා ඇත.

ජීවිතක්ෂයට පත්වු අයගේ මෘතදේහය කලුවන්චිකුඩි රෝහලේ මෘතාගාරයේ තැන්පත් කර ඇත.කලුවන්චිකුඩි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් අනුභව කළ ආහාරවල සාම්පලයක් පරීක්ෂණය සඳහා යවා ඇත.

Werzuo Digital

Leave a Reply