මතුගම මාරක බස් රථ අනතුරක්

ශ්‍රී ලංගම බස් රථයක් අද (10) අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් 10 දෙනකු තුවාල ලබා ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කෙලින්කන්ද ජනපදය අගලවත්ත ලිපිනයේ පදිංචි 16 හැව්රිදි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.

මතුගම ඩිපෝවට අයත් බස් රථය කෙලින්කන්ද සිට මතුගම බලා ධාවනය වී ඇති අතර , මාකෙලි ඇල්ල ප්‍රදේශයේ දී ලිස්සා මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ බැම්මක වැදී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් බුලත්සිංහල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply