මහනුවර මහියංගන මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.
ඊයේ (09) රාත්‍රියේ මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් පස්කන්දක ගැටී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ එහි ගමන් ගත් මාස 06ක් වයසැති බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි බිළිඳෙකි.
රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් හත් දෙනෙකු, කාන්තාවන් දස දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු තුවාල ලබා මහියංගනය රෝහල වෙත ඇතුළත් කර ඇත.
වන්දනා ගමනක් ගොස් යළි නිවෙස් බලා එමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.