විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි

ලංකා විදුලිබල මණ්ඩලය ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9 කින් අඩු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

මෙම විදුලි ගාස්තු සංශෝධනයේදී කිරීම්දී සමස්ත ගාස්තු අඩුවීම සියයට 3 ක් පමණි.

එම විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8 කින් ද,

ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 7.2 කින් ද,

ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4 කින් ද අඩු වන බව ද එම කොමිසම පවසයි.

විදුලි ඒකක 180 කට වැඩි කාණ්ඩයේ ගාස්තුව සියයට 1.3 කින් අඩු වන බවත් ආගමික ස්ථාන සහ පුණ්‍යායතනවල විදුලි ගාස්තුව සියයට 3.2 කින් පමණක් අඩු වන බව ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

කර්මාන්ත, පොදු කාණ්ඩය, වීථි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩවල ගාස්තුව වෙනස් නොවන වූවද හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6 කින් අඩු වන බවත් කොමිසම පවසයි.

Werzuo Digital

Leave a Reply