කෝටි 200 දුම්වැටි විනාශ කෙරේ

රේගුව විසින් ඉකුත් වසරේදී (2022) අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 200 ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් තළා විනාශ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම දුම්වැටි තොගය මුතුරාජවෙලදී මෙමස 15 වැනිදා තළා විනාශ කෙරෙන බව රේගුව පවසයි.

රේගුව විසින් ඉකුත් වසරේදී බහාලුම් 22 ක තිබී මෙම විදේශීය දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

තළා දැමීමෙන් පසුව දුම්වැටි කුඩා කොටස් වලට කපා ගිනි තැබීමට කටයුතු යොදා තිබේ.

Werzuo Digital

Leave a Reply