මෙම වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වු සිසු දරුදැරියන් පිරිසක් වෙනුවෙන් පාසල් ගුරුවරුන් හා සෞඛ්‍ය අංශ එක්ව ක්‍රියාත්මක කරනු ලැබූ ඇස්, දත් හා කන් සම්බන්ධ මූලික පරීක්ෂාවක දී ඉන් දරුවන් හය දෙනකුට මීටර 10, 12 සම්මත දුරක දෘෂ්ටි පරීක්ෂාවේදී කියවීම අසමත් වී ඇති බව වාර්තා වී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ පාසලක මෙම පරීක්ෂණය සිදු කර ඇත.
දරුවන් හඬන විට නැළවීමට, කෑම කැවීමට, ඖෂධ හා දියර වර්ග ලබා දීම සඳහා පෙර පාසල් අවධියේ සිටම මවුපියන් දරුවන්ට ජංගම දුරකතන ලබා දීමට කටයුතු කර තිබෙන බව සෞඛ්‍ය අංශ හා ගුරුවරු ද පවසයි.
මෙය නොකළ යුතු කටයුත්තක් බවත් ඉදිරියේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා ඇති වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇතැයි ද ඔවුන් වැඩිදුරටටත් පෙන්වා දෙයි.
එම පාසලේ ගුරුවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් එම දරුවන් තවදුරටත් පරීක්ෂාවට ලක්කර ආසන්නම රෝහලේ අදාළ සායන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
කුඩා දරුවන්ගේ අක්ෂි ආබාධවලට හේතු වී ඇත්තේ ජංගම දුරකතන භාවිතය ඇතුළු විද්‍යුත් උපකරණ භාවිතය බව අදහස් දක්වමින් රිජ්ජේ ආර්යා ළමා රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ වෛද්‍ය ධර්මා ඉරුගල්බණ්ඩාර ඊයේ (07) සඳහන් කළේය