වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අද (8) උදැසන අනතුරට ලක්වීමෙන් එක් අයෙකු අතුරුදන්ව දිවි ගලවාගත් දෙදෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
දිවි ගලවාගත් දෙදෙනා ප්‍රතිකාර සදහා කළුතර රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර උතුර , විලේගොඩ රෝසවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 35 හැව්රිදි තිදරු පියකු බව පොලිසිය පවසයි.
අතුරුදන්ව ඇති පුද්ගලයා තවත් දෙදෙනකු සමග උදැසන කුඩා වස්කඩුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා එක්දින ධීවර යාත්‍රාවකි මුහුදු ගොස් ඇත.
එන්ජිමේ කාර්මික දෝෂයකට ලක්වී බෝට්ටුව පෙරලී ඇති අතර, තිදෙනා බෝට්ටුවේ එල්ලී සිට ඇති බවත් පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පොලිසිය පවසයි.
අතුරුදහන් පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර ඇත.