හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානයෙන් නිති විරෝධි ලෙස මුහුදු කුඩැල්ලන් තිදෙනෙකු අල්ලාගෙන යමින් සිටියදි සමුද්‍ර ජාතික උද්‍යානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලද චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය එක් අයෙකුට රුපියල් අනු පන් දහස(95000) බැගින් දෙදෙනාට රුපියල් එක්ලක්ෂ අනූ දහසක(190000) දඩ නියම කොට මුහුදු කුඩැල්ලන් දෙදෙනා හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානයට මුදා හැරිමට ඊයේ (01) නියෝග කළාය.
මෙසේ දඩ නියමවුයේ 53 හැවිරිදි සහ 33 හැවිරිදි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකුටය
මෙම දෙදෙනා සංචාරයක් සඳහා පැමිණ හික්කඩුව ප්‍රදේශයේ නතරව සිට හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානයෙන් මුහුදු කූඩැල්ලන් අල්ලාගෙන යමින් සිටියදි ලැබුන තොරතුරක් අනුව හික්කඩුව වනජීව සමුද්‍ර ජාතික උද්‍යානයේ නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන ඇත.