50ට අධික මගී ජීවිත බේරාගත් වීර සෙබළා අගයයි

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වීමෙන් වළක්වා ගෙන  එම බස් රථයෙහි ගමන් ගත් 50ට අධික මගී ජීවිත බේරා ගැනීමට ක්‍රියාකල හමුදා සාමාජිකයාගේ වීර ක්‍රියාව අගයමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ඔහු ඇගයීමට ලක් කළේය.

මෙලෙස ඇගයීමට ලක් කළේ 4  ශ්‍රි ලංකා පාබල හමුදාවේ K.M.B.R.K.L කරුණාරත්න නම් කෝප්රේල්වරයා බව හමුදාව පවසයි.

ඊයේ (01) කෝප්‍රල්වරයා යුද්ධ හමුදාධිපති කාර්යාලයට කැදවා ඔහු කළ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡනය පිළිගන්වනු ලැබීය. 

බස් රථය උඩුදුම්බර ප්‍රදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා වංගුවක් හැරවීමට යාමේදී රියදුරු අසුනෙන් ඉවතට විසි වී ඇති අතර, මීටර් 50ක් පමණ දුරක් රියදුරු නොමැතිව බස් රථය ගමන් කර ඇත.

එම සිදුවීම දුටු බස් රථයේ ගමන්කරමින් සිටි යුද්ධ හමුදා සෙබල කෝප්රයල්වරයා වහාම ක්‍රියාත්මක වී රියදුරු නොමැතිව කඳුකර ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ එම රථයේ රියදුරු අසුනට ගොස් මහත් පරිශ්‍රමයක් දරා බස් රථය පාලනය කර නවත්වාගැනීමට සමත් විය.

Werzuo Digital

Leave a Reply