යතුරුපැදිය කණුවක ගැටී පාසල් සිසුවෙකු මරුට

ඊච්චලම්පත්තු, ලංකාපටුන මාර්ගයේ ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි කිලිවෙට්ටි ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

පුන්‍යාඩි දෙස සිට ලංකා පටුන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබු සිසුවා ඊච්චලම්පත්තු රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යවා තිබේ. එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

Werzuo Digital

Leave a Reply