ඩොලරය රුපියල් 300 සිමාවෙන් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 289.89 ක් හා විකුණුම් මිල රු. 303.26 ක් ලෙසින් සටහන් වී තිබේ.

මේ අතර අද  ඇමරිකානු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 299.11 ක් ලෙසින් වාර්තා වී ඇත.

2022 අප්‍රේල් 08 දිනෙන් පසු ඇමරිකානු ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

ඇමරිකානු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 වසරේ මැයි 26 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 19.8 කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

Werzuo Digital

Leave a Reply