LPL ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම් දීමක්

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වනදා කොළඹ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ සඳහා එක් කණ්ඩායමක් ඩොලර් 500,000ක් යෙදවීමට නියමිත අතර කණ්ඩායම් පහම ක්‍රීඩකයින් සඳහා ඩොලර් මිලියන 2.5ක් ආයෝජනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 20/20 තරගාවලියක් සඳහා ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන්නේ පළමුවරටය.

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය, ජූලි 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වෙයි.

Werzuo Digital

Leave a Reply