මුලතිව් පුදුකුඩීඉරිප්පු කයිවේලී ප්රදේශයේ දී පසුපසට ධාවනය කරමින් තිබූ අත්ට්රැක්ටරයට යට වී වයස අවුරුදු හතරක දැරියක සිද්ධිය වූ ස්ථානයේදීම පෙරේදා (27) මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එස්. රිස්වියා නමැති හතර හැවිරිදි කුඩා දැරියකි.
ඇය පදිංචි නිවසට යාබද නිවසේ පුද්ගලයෙකු විසින් ඔහුට අයත් අත්ට්රැක්ටරය පණ ගන්වා ඉදිරියට යමින් සිටියදී එය දුටු මෙම දැරිය අත් ට්රැක්ටරය පසුපසින් දිව ගොස් තිබේ.
ඒ බව නොදත් රියදුරු අත්ට්රැක්ටරය පසුපසට ධාවනය කළ අවස්ථාවේ දී දැරිය ඊට යට වී මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත් ට්රැක්ටරය පැද වූ පුද්ගලයා පුදුකුඩීඉරිප්පු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.