අධික උෂ්ණත්වයෙන් ඇතිවිය හැකි පීඩා අවම කරගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක්

දිවයිනේ බොහෝ පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් පවතින වාර්තා වන නිසා ඇතිවිය හැකි පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

උණුසුම් දර්ශකය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතම කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ දත්ත මගින් ලබාගත් වායුගෝල ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදාගනිමින් ගණනය කර ඇති අතර මෙය වායුගෝලීය උෂ්ණත්වය නොවන බවත් ශරීරයට දැණෙන උණුසුම බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

එබැවින් අධික උෂ්ණත්වය හේතුවෙන් විජලන තත්වයට පත්වීම සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය ඇතිවිය හැකි ය.

එසේම ළමුන් අධික උෂ්ණත්වයේ ක්‍රීඩාකිරීම වැනි උෂ්ණත්වයට නිරාවරණය වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවීම නිසා ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකිය.

එනිසා විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, උධික උෂ්ණත්වයක් වාර්තා වන කලාපයේ ජීවත් වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමත්, දරුවන් වාහන තුළ ගමන් කරන විට හෝ යම් හේතුවක් නිසා වාහනය තුළ දරුවන් තනිකර දමා බැහැර යන්නේනම් එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙස කාරී කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇදුම් ඇදීමට කටයුතු කිරීමත් වාඩාත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත

Werzuo Digital

Leave a Reply