ප්‍රධාන නගර කීපයක වායු දුෂණ මට්ටම ඉහළට

අද (27) පෙරවරුවේ කොළඹ, යාපනය, කුරුණෑගල, ගාල්ල, මුලතිව්, හම්බන්තොට සහ පොලොන්නරුව යන නගරවල වායු දුෂණ මට්ටම ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය ප්‍රකාශ කළේය

ඇමරිකානු වායුගුණ තත්ත්ව දර්ශකය අනුව කොළඹ නගරයේ සාමාන්‍ය ශුද්‍ර අංශ මට්ටම 41 වන අතර එය 117 දක්වා ඉහළ ගොස් තිබේ.

යාපනය නගරයේ සාමාන්‍ය ශුද්‍ර අංශ මට්ටම 51 වන අතර එය 146 දක්වා ඉහළ ගොස් තිබේ.

කුරුණෑගල නගරයේ සාමාන්‍ය ශුද්‍ර අංශ මට්ටම 48 වන අතර එය 137 දක්වා ඉහළ ගොස් තිබේ.

ගාල්ල නගරයේ සාමාන්‍ය ශුද්‍ර අංශ මට්ටම 38 වන අතර එය 109 දක්වා ඉහළ ගොස් තිබේ.

මුලතිව් නගරයේ සාමාන්‍ය ශුද්‍ර අංශ මට්ටම 36 වන අතර එය 103 දක්වා ඉහළ ගොස් තිබේ.

හම්බන්තොට නගරයේ සාමාන්‍ය ශුද්‍ර අංශ මට්ටම 41 වන අතර එය 117 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලොන්නරුව නගරයේ සාමාන්‍ය ශුද්‍ර අංශ මට්ටම 44 වන අතර එය 126 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මට්ටම් සංවේදී පුද්ගලයන් හට යම් බලපෑමක් ඇතිවිය හැකි මට්ටමක පවතින අතර අනෙකුත් බොහෝ නාගරික ප්‍රදේශවල ද එහි අගය මධ්‍යම මට්ටමේ (51- 100) පවතින බවද එම අංශය සඳහන් කළේය

වායුගුණ දර්ශකය නුවරඑළිය නගරය පමණක් හොඳ තත්ත්වයක් පෙන්වා තිබේ

මෙම තත්වය කාලගුණික තත්ත්වයන් මත විටින් විට වෙනස් විය හැකි අතර ඉදිරි දිනවල මෙවැනි තත්ත්වයක් පැවතිය හැකි බව බලාපොරොත්තු වන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර තිබේ

Werzuo Digital

Leave a Reply