අම්බලන්තොට ද්විත්ව ඝාතනයක්

අම්බලන්තොට බෝලාන රුහුණු රිදීගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ නිවස තුළදී අද (27) දහවල් කපා කොටා ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 56 හැවිරිදි කාන්තාවකි

කලක පටන් පවතින තිස්සේ ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනයන් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි

සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අම්බලන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply