හවායි අහසේ දිස්වු අභිරහස් වස්තුවේ රහස හෙලිවෙයි

විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු ජපන් විද්‍යාඥයන් විඩියෝගත කල අබිරහස් සුළියක් ආකාරයට ගමන් ගන්නා සර්පිලාකාර වස්තුව SpaceX සමාගම විසින් උඩුගුවන් ගත කල රොකට්ටුවක ඉන්ධනවලින් නිකුත්වු දර්ශනයක් බව වාර්තාවේ.

ඉකුත් 18 වනදා හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළින් වු අහසේ ජපන් විද්‍යාඥයන් ඔවුන්ගේ සුබරු දුරේක්ෂය හරහා මෙම වස්තුව නිරීක්ෂණය කර විඩියෝගත කර තිබේ.

එකවරම අබිරහස් වස්තුව විද්‍යාඥයන් පුදුමයට පත් කිරීමට සමත් වී ඇති අතර පසුව එය විදෙස් මාධ්‍ය හරහා අභිරහස් වස්තුවක් ලෙස ප්‍රසිද්ධ වි තිබේ.

SpaceX සමාගම විසින් නව චන්ද්‍රිකාවක් දියත් කිරීමේදී පිට කරන ලද ශීත කළ රොකට් ඉන්ධන වලින් මෙම විශ්මය ජනක සර්පිලාකාරය දර්ශනය වන්නට ඇති බව ජපානයේ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයද (NAOJ) ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

Leave a Reply