දරුවන් හතරකගේ අම්මාගේ මිනිය තනිවේ

දරුවකු මවු කුස පිළිසිඳ ගත්තා පටන් දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත් වන්නීය. එවන් මවක් වූ කාන්තාවක් දරුවන් වෙනුවෙන් කළ කැපකිරීම් අනන්ත වුවද ඇයගේ දේහය භාරගැනීමට එකම දරුවෙක්වත් ඉදිරිපත් නොවූහ.

ඇට, මස්, ලේ නහර සිඳ ආ මව් සෙනෙහසට වටිනාකමක් නොදුන් මෙම සිද්ධිය පිළිබඳ අනාවරණය වූයේ මාතලේ යටවත්ත වල්පොල ප්‍රදේශයනි.

මෙම මව පිරිමි දරුවන් සිව් දෙනකු බිහි කළ ද අවසානයේ ඇයගේ මෘත දේහය ඇය ජීවත් වූ නිවසේ පවා තබා ගැනීමට මෙම දරුවෝ සියලු දෙනාම අකමැති වී තිබිණ. එම නිසා ඇයගේ අවසන් කටයුතු යටවත්ත වල්පොල එකමුතු අවමංගල්‍යාධාර සමිතියෙ අනුග්‍රහයෙන් සිදු කෙරිණි.

අසූ පස් වැනි වියෙහි පසුවූ මෙම මව දක්ෂ කිවිඳියක මෙන්ම චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වීමේ හැකියාවක් සතු වූ තැනැත්තියක් ද වුවාය.

මෙම මව 56 වසරක් දිවි ගෙවූ මහ ගෙදරදි අවසන් කටයුතු සිදු කිරීමට නොහැකිවීමත් සමග ගම්වාසීහු වල්පොල එකමුතු අවමංගල්‍ය ආධාර සමිති ශාලාවේ ඇගේ දේහය තැන්පත් කර ආගමානුකූලව අවසන් කටයුතු සිදු කිරීමට ඉදිරිපත් වූහ

Werzuo Digital

Leave a Reply