උඩුගම මනුෂ්‍ය ඝාතනයක්

ඊයේ (08) රාත්‍රියේ පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් ගාල්ල, උඩුගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියගොස් තිබෙන බව උඩුගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ උඩුගම ගෝණදෙණිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

නිවසට පිටතින් ඇසුණු ශබ්දයක් ගැන සොයාබැලීමට යාමේදි අදාළ පුද්ගලයාට පිරිසක් පහරදෙන අයුරු නිවැසියන් දැක ඇති බවත් එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ, දරුවා සහ මව නිවසේ සිට ඇති බවටද වාර්තාවේ.

පසුව ඔවුන් විසින් පහරකෑමට ලක්ව ඇති පුද්ගලයා උඩුගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙන අතර බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි

මෙම අමානුෂික පහරදීම සිදුකළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි

Werzuo Digital

Leave a Reply