වතුර භාජනයකට වැටී කුඩා දරුවෙකු ජිවිතක්ෂයට

ලීටර් 20ක ජල භාජනයක් තුලට ඇදවැටුණු යාපනය ඌර්කාවර්තුරේ ප්‍රදේශයේ අවුරුදු එක හමාරක් වයස පිරිමි ළමයෙකු පෙරේදා (07) මියගොස් තිබේ.

නිවසට ජලය එක්රැස් කිරිම සදහා නිවස පිටුපස තබා තිබු ජලය පිරි මෙම ප්ලාස්ටික් කෑන් එක තුලට මෙම දරුවා ඇද වැටීමෙන් පසුව දියේ ගිලී මියගොස් තිබේ.

නිවසේ අය දරුවා සොයා බැලු අවස්ථාවේ දී ඔහු නොමැති බව දැකිමෙන් කලබලයට පත්ව සොයා බැලිමේ දි දරුවා ජලය පිරි භාජනය තුලට වැටී සිටියදි ඒ බව දැක එලියට ගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

Werzuo Digital

Leave a Reply