සීතල කාලගුණයෙන් වෙනස් වු මෙරට ජන ජිවිතය

ශ්‍රී ලංකාවේ වැඩිම සීතලක් පවතින මධ්‍යම පළාතේ නුවරඑළිය හා තලවකැලේ නගර හා වතුකරය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති අධික සීතල කාලගුණය හේතුවෙන් ඊයේ (08) රාත්‍රියේ බොහෝ පිරිස් ගිනිමැල දල්වාගෙන රාත්‍රීය පහන් කරනු ලැබ ඇති බව වාර්තාවේ.

විශේෂයෙන්ම මධ්‍යම පළාතේ උඩරට වතුකරය ආශ්‍රිත බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 06 – 08 ත් අතර අගයක පැවැති අතර, මේ හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට ලක් වු බොහෝ පිරිස් ගිනිමැල දල්වාගෙන රාත්‍රිය පහන් කර තිබේ.

මේ දිනවල පවතින ශිත කාලගුණ තත්වය හේතුවෙන් කුඩා දරුවන්ට වෛරස් උණ ඇතුළු විවිධ රෝගී තත්ත්වයන් පහසුවෙන් බෝවීමේ අවදානමක් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවා තිබේ

පවතින අධික සීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් විශේෂයෙන්ම කුඩා ළමුන්, වයෝවෘද්ධ පිරිස්, මෙන්ම විවිධ රෝගවලින් පීඩා විදින ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව තිබේ.

Werzuo Digital

Leave a Reply