අයිස් මත්ද්‍රව්‍යයට එරෙහි නිතීය දැඩි වෙයි

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත සඳහා අයිස් ඇතුළු අලුත් විෂ මත්ද්‍රව්‍ය වර්ග ඇතුළු කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

පනත් කෙටුම්පත් 09ක් සහ රෙගුලාසි සම්මුතියක් අද (10) පාර්ලිමේන්තුට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කර තිබේ.

විෂ වර්ග, අබිං සහ අන්තරදායක ඖෂධ වර්ග, එම පනත සම්මත කළ කාලයේ දී එහි උපලේඛන සඳහා අයිස් නමැති මත්ද්‍රව්‍ය ඇතුළත් කර නොමැති බවත් ඒ අනුව අයිස් නැමැති මත්ද්‍රව්‍ය මෙම සංශෝධන පනතට ඇතුළුත් කර ඇති බව ඔහු සදහන් කර තිබේ.

Werzuo Digital

Leave a Reply