අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

අම්බලන්ගොඩ ගලගොඩ වෙලපාර ප්‍රදේශයේදී අද (27) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ගලගොඩ පදිංචි 49 හැවිරිදි හා 45 හැවිරිදි අයකු බවද පොලිසිය පවසයි.

මේ අතර අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ දි ඊයේ (26 ) දහවල් වෙඩි තැබීමකින් 35 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේය.. මෙම වෙඩි තැබිම හා ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply