ජපානයේ සමූල ඝාතනයක වැරදිකරු වූ පුද්ගලයෙකු එල්ලා මරයි

වසර 14 කට පෙර, පුද්ගලයන් අට දෙනකු ඝාතනය කළ 39 හැවිරිදි ජපන් ජාතික ටොමොහීරෝ කේටෝගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරමින් එල්ලා මරා දැමූ බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය

2008 වසරේ මොහු විසින් ට්‍රක් රථයක් පදවා ගෙන යමින්, අකිහබාරා නගරයේ පදික වේදිකාවක ආහාර ගනිමින් සිටි පිරිසක් යට කරමින් ඔවුන් ඝාතනය කළේය.එයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන්පසු ටොමොහීරෝ කේටෝ, පිහි ප්‍රහාරයක් එල්ල කරමින් තවත් සිවු දෙනකු ඝාතනය කළේය. තවත් අට දෙනෙක් බරපතල තුවාල ලැබූහ.

එම පිරිස තමන්ට නිතර අන්තර්ජාලය හරහා විහිළු කළ බැවින්, තමන් ඔවුන් මරා දැමූ බව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ටොමොහීරෝ කේටෝ පැවැසුවේය. ඒ වනවිට ටොමොහීරෝ 25 හැවිරිදි වියෙහි පසුවිය.

Werzuo Digital

Leave a Reply