හබරාදුව දී මනුෂ්‍ය ඝාතනයක්

හබරාදුව කුන්දුප්පකන්ද ප්‍රදේශයේදි ඊයේ (26) රාත්‍රි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ හබරාදුව කුන්දුප්ප කන්ද පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

පහරදිම සිදු කරන ලද සැකකරු සහ මියගිය පුද්ගලයා එකට මත්පැන් පානය කොට පසුව මියගිය අයද සැකකරුගේ නිවසට ගොස් ඇති බවත් එම අවස්ථාවේ සැකකරුගේ පියාද බිමත්ව සිට ඇති බවත් පසුව එහිදි ඇතිවු බහින් බස් විමක් දුරදිග යාම හේතුවෙන් සැකකරු සහ පියා එක්ව තියුණු ආයුධයකින් පහරදි ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත. හබරාදුව පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply