දකුණු පළාතේ ඩෙංගු පැතිර යාමේ අවධානමක් මතුව ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතා පවසයි.
පසුගිය වසරේ දකුණු පළාතෙන් වාරතාවි ඇති ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව 1980ක් වන අතර මෙම වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවු මාස හතට පමණක් වාර්තා වි ඇති ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව 4760කි.
මෙම රෝගින්ගෙන් වැඩිම සංඛ්‍යාව වාර්තාවි ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 2696කි. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 1006ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 946ක්ද වාර්තා වි ඇත.
පසුගිය වසරේම ගාල්ල දිස්ත්‍රික්යෙන් වාර්තා වි ඇත්තේ රෝගින් 744කි. මාතර දිස්ත්‍රික්කයෙන් පසුගිය වසරේ රෝගින් 758ක් වාර්තා වි ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පසුගිය වසරේ වාර්තාවි ඇති රෝගින් සංඛ්‍යාව 478කි.
ගතවු මාස හත තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ දෙකක්ද මාතර දිස්ත්‍රික්කයෙන් එක් මරණයක්ද වාර්තා වී ඇත.