දකුණේ මී උණ රෝගීන්ගේ වැඩිවීමක්

දකුණු පළාතේ මි උණ රෝගින්ගේ වැඩිවිමක්  වාර්තා වන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසිය.

2022 වසරේ ගතවු මාස හත තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් මි උණ රෝගින් 202ක් සහ  මරණ 04, මාතර දිස්ත්‍රික්කයෙන් මි උණ රෝගින් 160ක් සහ මරණ 06ක් වාර්තාවි ඇත.

එම නිසා විශේෂයෙන්ම කුඹුරු ගොවිතැන් කිරිම සඳහා කුඹුරට බැසිමට පෙර මී උණ රෝගය සඳහා ප්‍රතිජිවක ඖෂධ ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසිය

Werzuo Digital

Leave a Reply