මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිදට විසිකර දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිදට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය පවසයි
ලිද තුළ සිටි කුඩා දරුවකු කෑගසනු ඇසී පාසල් සිසුන් දෙදෙනෙකු ළිදට පැන මෙම කුඩා දැරිය බේරාගත් බවද පොලීසිය පවසයි.
මෙසේ දිවි බේරා ගෙන ඇත්තේ කරන්දෙණිය පදිංචි තුන් හැවිරිදි දියණියක් වන අතර ළිදට වැටී දිවි බේරාගත් දියණිය මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ පතිකාර ලබන බවද පොලීසිය පවසයි
නිවසේ ඇති ප්‍රශ්නවලට උරණවූ මේ මව සිය දියණිය අද (19) උදේ ළිදට විසිකර ඇයත් ළිදට පැන සිය දිවි හානිකර ගැනීමට සූදානම්ව ඇති බවද පොලීසිය පවසයි.
සිය දියණිය ළිදට දැමූ මව සැකපිට පුශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බවද පොලීසිය පවසයි.