අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර තත්වයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් හයක් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව මගින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04ක් ද, ගාල්ල තවලම ප්‍රදේශයට සහන කණ්ඩායම් 02ක් ද යොමු කළ බවත් රත්නපුර, කලවාන පොතුපිටිය මාර්ගයේ දෙල්ගොඩ පාළම අවට ප්‍රදේශයේ ඇතිව ඇති සුළු ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශය වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම මඟින් මේ වන විට දරුවන් ඇතුළු විශාල පිරිසකට සහන සලසමින් සිටින බවත් නාවික හමුදාව පැවසීය