මෙරට ජාතික අවශ්‍යතාවට වඩා දෙගුණයකින් මෙවර රටකජු අස්වැන්න ලැබී ඇති නිසා පිටරටින් ආනයනය කරන ජම්බෝ පීනට්ස් තොග පවා අත්හිටුවා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
පසුගියදා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවැසීය.
මෙරට වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් තිස් දහසක් වන අතර 2021 වසර අවසානය වන විට අස්වැන්න මෙට්‍රික් ටොන් හැට හතර දහස ඉක්මවා ඇති බව රටකජු වගාව පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.එන්.පී. වීරකෝන් පැවැසීය.
රටකජු අමතර අස්වැන්න යොදා ගැනීම මඟින් ඒ ආශ්‍රිතව නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා කටයුතු යොදන ලෙස ඇමැතිවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
විශේෂයෙන්ම සිරුරට හිතකර රටකජු තෙල් සහ රටකජු බටර් නිෂ්පාදන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසත්, තවදුරටත් රටකජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගත යුතු බවත් ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.
රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිතයෙන් තොරව වගා කළ හැකි බෝගයක් වන රටකජු මෙන්ම එවැනි තවත් බෝග වර්ග වගා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ගොවි ජනතාව ඒ සඳහා තවත් උනන්දු කළ යුතු බවත් කෘෂිකර්ම ඇමැතිවරයා පැවැසීය.