ලෝක දුම්කොළ නිවාරණ දිනය අදට (31) යෙදී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර ලෝක දුම්කොළ නිවාරණ දිනයේ තේමාව “දුම්කොළ අපගේ පරිසරයට තර්ජනයක්” ලෙස ප්‍රකාශ කර ඇත. දුම්කොළ වගාව, නිෂ්පාදනය, බෙදා හැරීම සහ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් වන පාරිසරික බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මේ තේමාවේ අරමුණ වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, දුම්කොළ නිසා සෑම වසරකම ලොව පුරා මිලියන 8ක් පමණ මිනිසුන් මියයන බව වාර්තා සදහන් කරයි. ඒ අනුව දිනකට ශ්‍රී ලාංකිකයන් 50කට ආසන්න පිරිසක් අකාලයේ මරණයට පත්වන බවද වාර්තාවේ.
පසුගිය 2020 වර්ෂයේදී පමණක් මෙරට තුළ දුම්වැටි මිලියන 2,300ක් භාවිත කර ඇතැයිද වාර්තාවේ. එමෙන්ම පසුගිය දශකය තුළ දුම්වැටි මිලියන 35,000කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇතැයි සිදු කළ අධ්‍යයනවලදී හෙළිව ඇත
සෑම දුම්වැටියකම ෆිල්ටරය පරිසරයට මුදා හැරීම නිසා පරිසරයට අති විශාල හානියක් සිදුකරන අතර ආහාර දවටනවලට පසු විස රසායනික ද්‍රව්‍ය, බැරලෝහ සහ අවශේෂ වැඩිම ප්‍රමාණයක් පරිසරයට මුදා හරින දෙවැනි අපද්‍රව්‍ය දුම්වැටිවල ෆිල්ටර ලෙස ද හඳුනාගෙන තිබේ.