විදුලි කප්පාදුව, ඉන්ධන අර්බුදය නිසා දකුණු පළාතේ තේ කම්හල් හිමියන් ගැටලු රැසකට ලක්ව ඇති බව තේ කම්හල් හිමියෝ පවසති.
මෙම තත්ත්වය නිසා නිෂ්පාදන වියදමද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර තේ නිෂ්පාදනය කිරීමේදී බරපතළ ගැටලු රැසකට මුහුණදීමට තේ කම්හල් හිමියන්ට සිදුවී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
ජෙනරේටර් යොදාගෙන තේ කම්හල් ක්‍රියාකරවීමටද ඩීසල් අවශ්‍ය වන අතර ඩීසල් හිඟකම සහ ඩීසල් මිල ඉහළ යෑම ඒ සඳහා බාධාවක් වී ඇත. තේ කම්හල් හිමියන් පවසන්නේ මෙම තත්ත්වය නිසා ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ලෙස නිමි තේ නිෂ්පාදනයක් කිරීමටද බාධා එල්ලවී ඇති බවය. එපමණක් නොව අමු තේ දලු සැපයුම අඩුවීම නිසා තේ කම්හල්වල ධාරිතාවද අඩුවී ඇති බවද තේ කම්හල් හිමියෝ පවසති.
ඉන්ධන අර්බුදය නිසා තේ කම්හල් සඳහා දර ප්‍රවාහනය කරනු ලබන දර සැපයුම්කරුවන්ද ගැටලු රැසකට ලක්ව ඇති බව තේ කම්හල් හිමියෝ පවසති. භාණ්ඩ ප්‍රවාහන වියදම ඉහළ යෑම, ඇසුරුම් ද්‍රව්‍ය තේ පොහොර ඇතුළු අනෙකුත් යෙදවුම් මිල ගණන් ඉහළ යෑම නිසා මෙරට තේ කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇති බවද තේ කම්හල් හිමියෝ පවසති.