තවලම හා නෙළුව ජලයෙන් යටවිමේ අවදානමක් – යුද හා නාවික හමුදාව බෝට්ටු සමග කැඳවයි

දැනට ගාල්ල දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් නෙළුව සහ තවලම ප්‍රදේශ ජලයෙන් යට වීමේ සම්භාවිතාවක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

දැනට එම ප්‍රදේශවලට වර්ෂාවේ අඩුවක් නොමැති බැවින් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යුධ හමුදා භට පිරිස් සහ බෝට්ටු දෙකක් හා තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාවික හමුදා භට පිරිස් සහ බෝට්ටු දෙකක් ස්ථානගත කිරීමට පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කර ඇත

ඉදිරි තත්ත්වය පිළිබඳව අවධානය සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය

Werzuo Digital

Leave a Reply