ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් 05 ක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදු වු රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

ඊයේ (30) දහවල් යාපනය අරියාල නවලඩි දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යාපනය සිට කොළඹට බලා ධාවනය වු සීඝ්‍රගාමි දුම්රියක ගැටී සිදුවු අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ 30 හැවිරිදි යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර මීගලෑව ප්‍රදේශයේ සිදු වු රියඅනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

මීගලෑව නගරයේ සිට තම්මිටගම දෙසට ධාවනය වු යතුරුපැදිය සිසුවාට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී මෙම අනතුර සිදුව ඇත.

ඊයේ අලුයම මිහින්තලය මාර්ගයේ ධාවනය වු යතුරුපැදියක් පදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන මහකන්දරාව වැවට වැටී අනතුරක් සිදුව ඇත.

බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර අනුරාධපුරය සහ ගාල්ල ප්‍රදේශවල සිදුවු රියඅනතුරු දෙකකදී කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

Werzuo Digital

Leave a Reply