දකුණු කළුතර – හීනටියන්ගල – සිසිල උයන ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් අන්දමින් මිය ගිය පියෙකුගේ සහ දියණියකගේ සිරුරු සොයා ගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 69 හැවිරිදි පියෙකු සහ 33 හැවිරිදි දියණියක් බව පොලිසිය පවසයි.
මේ අතර නවගත්තේගම – මුල්ලේගම ප්‍රදේශයේදී අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරවුලක් සමථයකට පත් කිරීමට පැමිණි බිරිඳගේ වැඩිමහල් සොහොයුරා සහ බිරිඳ ද සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ
වයස අවුරුදු 32ක පුද්ගලයෙකු සහ අවුරුදු 25ක් කාන්තාවක් මෙසේ මියගොස් තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ මිය ගිය කාන්තාවගේ 27 හැවිරිදි සැමියා ද තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.