පසුගිය සිකුරාදා (27) බණ්ඩාරගම අටුළුගම දී අමානුෂික අයුරින් ඝාතනයට ලක්වූ නව හැවිරිදි ෆාතිමා ආයිෂා දැරිගේ අවසන් කටයුතු අද (30) රාත්‍රියේ දී දහස් ගණනකගේ සහභාගීත්වයෙන් අටුලුගම මුස්ලිම් මහ පල්ලිය සුසාන භූමියේ දී සිදු කෙරුණා
අවසන් කටයුතු සිදුකරන අවස්ථාව සදහා ඉතා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර අසල්වාසි සිංහල ජනතාවද ඊට සහභාගී වී සිට තිබේ.
පසුගිය 27 වන දා බණ්ඩාරගම – අටළුගම ෆාතිමා අයීෂා අක්‍රම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි.
ඊට පසුදින පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයාගැනුණු අතර, ඝාතනයට ලක්වූ මෙම දැරිය කුකුල්මස් වෙළද සැලට ගොස් පැමිණෙමින් සිටියදී අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වු පුද්ගලයකු විසින් මෙම ඝාතනය සිදු කර තිබේ
මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වු අයෙකු බවත්, ඔහු එහි සිට දැරියට පෙර වෙළද සැලෙන් පිටවී ලදු කැලෑවක් අසල මගරැක සිට ඇති බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
දැරිය කුකුල් මස් රැගෙන නිවෙස බලා යද්දී අසල තිබූ කැලයට ඇයව ඇදගෙන ගොස් දැරියගේ ශරීරය ස්පර්ශ කර ඇති බවත්, එහිදී ඇය සැකකරු ගේ ග්‍රහනයෙන් මිදීමට උත්සාහ දරා විලාප නගා ඇති බවත් පසුව ඔහු විසින් දැරිය ඝාතනය කර ඇති බවත් මෙතෙක් කළ පරික්ෂණවලින් හෙලිවූ බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් දින දෙකක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ