මෙරට මන්දපෝෂිත දරුවන්ගේ වැඩිවිමක්

ආහාර හිඟය නිසා දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පසුගිය දින කිහිපයේදී ඇතුළත් කෙරුණු ළමයින් 53 දෙනෙකුගෙන් 11 දෙනෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බවද ඔහු සදහන් කර ඇත

මින් 04 දෙනකුගෙන් උග්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඒ අනුව මේ දරුවන්ට විශේෂ පෝෂණ ආහාර වේල් ලබාදීම ආරම්භ කළ බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.

වාට්ටුවට ඇතුළත් ඇතුළත් කෙරෙන දරුවන්ගෙන් සියයට විස්සකට පමණ මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කෙරෙන බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත..

Werzuo Digital

Leave a Reply