උණවටුන මුහුදේ නාමින් සිටියදි රල පහරට හසුව තරුණයන් පස්දෙනෙකු ගසාගෙන ගොස් ඇති බවත් හතර දෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙකු අද (24) දහවල් ගිලී මියගොස් ඇති බවත් හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අඟුලුගහ දඩුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි..
පස් දෙනෙකුගෙන් යුතු තරුණයින් 05 දෙනෙකු අද දහවල් මුහුදේ නාමින් සිටියදි එක් වරම පස් දෙනාම ජල පහරට හසුව ගසා ගෙන යමින් සිටියදී එහි සිටි පිරිසක් බෝට්ටුවලින් ගොස් හතර දෙනෙකු බේරාගෙන ඇතත් එක් අයෙකු අතුරුදහන්ව ඇත. පසුව ඔහුගේ සිරුර සොයාගෙන කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
